(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ 2017/2018 වසර සභාපතිවරයා ලෙස නීතීඥ උදය රෝහාන් ද සිල්වා මහතා පත්ව ඇති බව නිල නොවන ආරංචි පවසයි.
සිය ප‍්‍රතිවාදීන්ට වඩා වැඩි ඡන්ද 300කින් පමණ ජයග‍්‍රහණය කළ යු.ආර්. ද සිල්වා මහතා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වැනි සභාපතිවරයා ලෙස පත්වීමට නියමිතය.
අද (15) උදෑසන 8 සිට සවස 5 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 77 කදී පැවැත්වු මෙම නිලවරණයේදී ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකත්වය ලබා ඇති නීතීඥවරුන් 14000 ක් පමණ ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටි බව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා පැවසීය.
මෙම මැතිවරණයේ තේරීම් භාර නිලධාරීවරයා වශයෙන් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුහද ගම්ලත් මහතා කටයුතු කළ අතර ප‍්‍රාදේශීය තේරීම් බාර නිලධාරීන් වශයෙන් දිසා විනිසුරුවරු, අතිරේක දිසා විනිසුරුවරු හා මහෙස්ත‍්‍රාත්වරු කටයුතු කළහ.

