
(සිතුම් චතුරංග)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත වහාම අහෝසි කරන ලෙසට ඉල්ලීම් කරමින් හා එම පනතට විරෝධය පලකරමින් කඩසාප්පු වසාදමා අද (25) උතුරු පළාත තුළ හර්තාලයක් ක්‍රියාත්මක විය.
දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් හර්තාලය කැඳවු අතර හර්තාලය හේතුවෙන් යාපනය , කිලිනොච්චිය , මුලතිව් , මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කයන් හි කඩසාප්පු හා පොදු ප්‍රවාහන කටයුතු ඇනහිට තිබුණි.
උතුරු පළාතේ සියලු පාසල් විවෘත කොට තිබු අතර හර්තාලය හේතුවෙන් පාසල් වෙත දරුවන්ගේ පැමිණීම අවම මට්ටමක පැවති බව මාපියෝ පවසති.
වවුනියාව දිස්ත්‍රික්කයේ සිංහල පාසල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව පාසල් විදුහල්පතිවරුන් සඳහන් කළහ.
හර්තාලය හේතුවෙන් උතුරු පළාතේ ධාවනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටි අතර කුලී ත්‍රී රෝද රියදුරන්ද හර්තාලයට සහය පළකරමින් ත්‍රීරෝධ රථ ධාවනයෙන් ඉවත්ව සිටියහ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය සඳහා එක්කොට තිබූ අතර එම බස්රථ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රාජ්‍ය සේවකයින් හා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ.
උතුරේ දේශපාලන පක්ෂ විසින් සඳහන් කරනු ලැබුවේ උතුරේ ඉඩම් ගැටළුව නිරාකරණය කිරීමද හර්තාලයේ තවත් යෝජනාවක් වන බවයි.
හර්තාලයට සහයෝගය පළ කරමින් උතුරු පළාත් වෙළඳ සංගම් හා සිවිල් සංවිධාන රැසක් සහයෝගය පළ කොට තිබූ අතර ඇතැම් නගරවල කළුකොඩි ඔසවා විරෝධය පලකොට තිබුණි.



