යාපනයේ විශ්ව විද්‍යාල සිසු ඝාතනයට විරෝධය පළ කරමින් උතුරේ අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙයි.
කඩ වසා, පාසල් වසා සිදු කරන හර්තාලයට සහාය පළ කරමින් අභ්‍යන්තර බස් ගමන්ද නවතිනු ඇතැයි දේශපාලන ආරංචි කියයි.
උතුරු පළාත් සභා මන්ත්‍රී එන් කේ සිවාජලිංගම් මහතා කීවේ දේශපාලන පක්ෂ හතක සහයෝගය හර්තාලයට ලැබෙන බවයි.
සිසුන් දෙදෙනාගේ මරණය සිදුවූයේ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බවත් සිවාජලිගංම් මහතා පවසයි.
යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනා රිය අනතුරකින් මිය ගිය බව පොලිසිය මුලින් කී අතර පසුව අනාවරණය වූයේ එක් සිසුවකුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවයි.
ඡායාරූප - රොමේෂ් මධුෂංක
ඡායාරූප - තරිඳු ජයවර්ධන
වීඩියෝ - රොමේෂ් මධුෂංක













