උතුරේ හර්තාලය කල්දමයි


මුලතිව් කේපාපිලව් හි ඉඩම් නිදහස් කරන්නැයි බලකරමින් සදුදා (27) උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර සිටි හර්තාලය කල් දැමූ බව උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවීකරන් මහතා පැවසීය. උතුරේ සිවිල් හා තරුණ සංවිධාන මෙම ජනතාවගේ විරෝධතාවට සහාය පලකරමින් අද  සිට අඛණ්ඩ විරෝධතා දැක්වීමට අවස්ථාව ඉල්ලීම නිසා හර්තාලය කල් දැමූ බව හෙතෙම කීවේය
කේපාපිලව් ඉඩම් නිදහස් කිරීම ඇතුළු උතුරේ ඉඩම් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡා අසාර්ථක වී ඇති බව කියා සිටි රවීකරන් මහතා මීට  විසඳුම් නොලැබෙන්නේ නම් කලින් සැලසුම් කළ පරිදිම දවැන්ත හර්තාලයක් මාර්තු මුල් සතියේදී කරන බවද කීවේය