උතුරු නැගෙනහිර පළාත්වල වැඩි වශයෙන් රදවා සිටින ආරක්ෂක හමුදාව අඩුකළ යුතු බවටත් ආරක්ෂක හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් අක්කර 6124 ක ප්‍රමාණය කඩිනමින් නිදහස් කළයුතු බවටත් නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ සුළු ජන කටයුතු බාර විශේෂ නියෝජිත රීටා අයිසැක් මහත්මිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් ජාත්‍යන්තරය පිළිගන්නා ආකාරයේ නව පනතක් ක්‍රියාත්මක කළයුතු බවටද සිය වාර්තාවේ නිර්දේශ කර ඇත.
ශ්‍රීලංකාවේ සුළු ජාතීන්ගේ සමාජීය දේශපාලන ආර්ථික තත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ඉකුත් ඔක්තෝබර් මාසයේදී මෙරටට පැමිණි අයිසැක් මහත්මිය ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර මෙලෙස මානව හිමිකම් කවුන්සිලය වෙත බාරකර ඇතැයි මාධ්‍ය වාර්තා සදහන් කර සිටීයි.
එමෙන්ම ජනවාර්ගික අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් වශයෙන් බලතල විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් විසදුමක් ලබා දිය යුතු බවටද නිර්දේශ කර ඇති අතර මෙරට සුළු ජනතාව ගැන සොයා බැලීම සදහා ස්වාධීන කමිටුවක් පත් කිරීමටද නිර්දේශ කර තිබේ.
එමෙන්ම ජාතීන් අතර සංහිදියාවක් ඇතිකරලීම වෙනුවෙන් යහපාලන රජය විසින් දරන උත්සහාය ජාතීන් හා රජය අතර විශ්වාසයක් ගොඩනැගෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් 1990 වසරේදී යුද මය වාතාවරණය මැද කොටි සංවිධානය විසින් උතුරෙන් පළවා හරිනු ලැබූ ජනතාව ඔවුන්ගේ ඉඩම්වල පදිංචි කරවිය යුතු බවත් සිය වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
යුද්ධයෙන් අගතියට පත් කාන්තාවන්ට රජය විසින් ජීවනාධාර ලබාදිය යුතු බවත් 1951 වසරේ සිට ක්‍රියාත්මක වූ මුස්ලිම් විවාහ නීතිය හා උතුරේ තේසවලාමයි නීතිය මෙරට තුළ ක්‍රියාත්මක විය යුතු බවත් මෙම වාර්තාවේ සදහන් කර ඇත.
එමෙන්ම ශ්‍රීලංකා රජය විසින් වතුකරයේ ජනතාවවෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බවත් වතු ජනතාවට නිවාස 50 000ක් ඉදිකරදීමේ වැඩපිළිවෙල කඩිනම් විය යුතු බවත් වතු පවුල් සදහා පර්චස් 07 බැගින් ඉඩම් ප්‍රධානය කිරීමට වතු පාලකයින් එකගවිය යුතු බවත් මෙතුළින් නිර්දේශ කර ඇත.

