උතුරේ සියුමැලි දෑත් 45ක් හමුදාවට


වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට පළමු වරට දෙමළ තරුණියෝ  45 දෙනෙක් හා සිංහල තරුණියෝ 10 දෙනෙක් අද (26) බඳවාගනු ලැබුහ.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදි ශ‍්‍රි ලංකා යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි හා ශී‍්‍ර ලංකා ඉංජිනේරු රෙජිමේන්තු කර්නල් සේනා විධායක මේජර් ජනරල් ක‍්‍රිෂාන්තද සිල්වා හා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරල් බොනිෆස් පෙරේරා ආරාධිතයෝ වුහ.

මේ තරුණියෝ වවුනියාව,මන්නාරම,මුලතිවි,කිලිනොචිචි,යාපනය හා මඩකලපුවෙහි පදිංචිකාරියෝ වෙති.

යුද හමුදා ඉතිහාසයේ පළමු වරට කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේදි දෙමළ තරුණියෝ 95 දෙනෙක් මේ වසර මුලදී කාන්තා බළකායට එක් වුහ

.