ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම පිළිගත හැකි සාධාරණ විසැඳුමක්, උතුරු නැගෙනහිර ප්‍රශ්නයට අවශ්‍ය නමුත් කොටි සංවිධානය ඉල්ලන දේ දිය නොහැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරස රූපවාහිනිය සමග සාකච්ඡාවක් පවත්වමින් අද (9) කීවේය.
කොටි සංවිධානයේ උත්සහය රට බෙදීම බවත් ඔහු ප්‍රකාශ කළේය.
යුද්ධය අවසන් වී වසර 6ක් ගිය පසු උතුරේ සංහිඳියාවක් හා සංවර්ධනයක් ක්‍රමයෙන් ඇති කිරීමට රජයට හැකි වී ඇති බවත් එය සාර්ථක කර ගැනීමට උතුරේ දේශපාලන බලය හිමි අයද සහාය දිය යුතු බවත් අවධාරණය කළේය.
උතුරේ ජනයාගේ ඉඩම්වලින් සියයට 92ක් පමණ දැනට හිමිකරුවනට දී ඇතැයි ද හමුදා කඳවුරු අඩුකර ඇතැයි ද ලේකම්වරයා කීවේය.

