(ඩේලිමිරර් ඇසුරෙනි-042)
උතුරේ ආයුධ සන්නද්ධ කල්ලි තමන්ට සේවය කිරීමට නොහැකි මානසිකත්වයක් සකස් කර ඇතැයි කියමින් රජයේ සේවකයින් පිරිසක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
ආරක්ෂාව ගැන සහතික වෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලූහ.
මඩකලපුව සහකාර ඉඩම් කොමසාරිස්වරයා වෙඩි තබා ඝාතනය කිරීම ගැන විරෝධතාකරුවෝ මෙහිදී පෙන්වා දුන්හ.
“මෙම අපරාධය කළ අය අත්අඩංගුවට ගැනීමට ඉක්මනින් පියවර ගතයුතුයි“ අයෙක් පැවසීය.
තමන්ගේ නීත්‍යානුකූල රාජකාරී සේවයේ නියුතුව සිටියදි එල්ල වන මෙවන් ප්‍රහාර නිසා තමන්ගේ බලාපොරොත්තු බිඳවැටෙන බවත් අපරාධකරුවන් අත්අඩංගුවට නොගැනීම නිසා අනෙකුත් රාජ්‍ය සේවකයින් ද බියෙන් ජීවත් වන බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
විරෝධතාකරුවෝ තම ඉල්ලීම් සහිත පෙත්සමක් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායාගම් මහතාට භාරදුන්හ.
මේ ගැන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට දැනුම් දෙන බව ලේකම්වරයා පැවසීය.

