උතුරේ මහපාරේ බෝට්ටු


කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍ර‍ධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට බාධා සිදුව ඇති බව කිලිනොච්චි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කිලිනොච්චි පුනකරි ප්‍රදේශයේ මණ්ඩක්කල්ලාරු පාලම මතින් ජලය පිටාර ගැලීම හේතුවෙන් පසුගිය දින දෙකක් ඒ-32 මාර්ගය වසා දැමීමටද සිදුවූ බව එම මධ්‍යස්ථානයේ ප්‍ර‍කාශකයකු කීවේය. ජෙයපුරම්, වෙල්ලාන්කුලම්, මුලංකාවිල්, හා මන්නාරම ප්‍රදේශ වල ජනතාව පීඩාවට මේ හේතුවෙන් දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

රෝගීන් රෝහල්තෙ ගෙන යාමේ දි බෝට්ටු යොදා ගැනීමට සිදුවූ බව ද ගැමියෝ කියති.

පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සේවා සැපයීමට නාවික හා යුද නිලධාරීන් කටයුතු කරමින් සිටනි බව ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය උපකරණ සපයා ඇතැයි ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.

A 32 Closed (1)(1) A 32 Closed (2)(1) A 32 Closed (3) kilinochi_vellam_01 kilinochi_vellam_03(1)