උතුරේ මහ දෙන්නා එක්ක වැඩකරන්න ඊපීආර්එල්එෆ් කැමති වේ


විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයට හා උතුරු මහ ඇමති විග්නේෂ්වරන්ගේ දෙමළ ජනතා සන්සදය හා එක්ව කටයුතු කිරීමට දෙමළ සන්ධානයේ ඊපීආර්එෆ්එල් පක්ෂය තීරණය කර ඇත.

වව්නියාවේ පිහිටි ඊපීආර්එල්එෆ් පක්ෂ නියෝජිත කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මෙහිදී ගැඹුරින් සාකච්ඡා වූ අතර දේශපාලන තීරණ කිහිපයක් ද ගනු ලැබීය.

දෙමළ ජනතාවගේ අර්බුදය වෙනුවෙන් දෙමල සන්ධානය නියෝජනය කරමින් දෙමළ ජනතා සංසදයට සහාය වීම, දේශපාලන විසඳුමක් උතුරට ගෙන ඒම උදෙසා කැප වීම හා එම විසඳුම් පිළිබඳ උතුරු නැගෙනහිර ජනතාව දැනුම්වත් කිරීම ද එම තීරණ අතර වේ.