ඇතැමුන් චෝදනා කරන පරිදි ආරක්ෂක අංශ සාමාන්‍ය වැසියන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඔත්තු බලන්නේ නැතැයි කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.
‘‘ඔත්තු බැලීම‘‘ හා ‘‘තොරතුරු සොයා ගැනීම‘‘ යනු දෙකක් බවත් ඒ දෙක පටලවා ගත යුතු නොමැති බවත් ඔහු කීය. ආරක්ෂක අංශ වල උත්සාහය ත‍්‍රස්තවාදය හෝ රාජ්‍ය විරෝධී කටයුතු වල නියැළෙන පුද්ගලයින් හෝ සංවිධානයන් කොටු කර ගැනීම පමණක් බවත් එම කි‍්‍රයාදාමයේදී සිවිල් වැසියන්ගේ කි‍්‍රයාකාරකම් වලට කිසිදු අයුරකින් බාධා නොකරන බවත් ආඥාපතිවරයා පැවසීය.
ජාතිවාදය අවුස්සාලන ඇතැම් කි‍්‍රයාකාරකම් වල නියැළී සිටින පුද්ගලයින් තවමත් සිටිනා හෙයින් ආරක්ෂක අංශ තවදුරටත් සීරුවෙන් සිටිය යුතුව ඇතැයි ඔහුගේ මතයයි.
විකල්ප මතවාදී දෙමළ කණ්ඩායමකට අයත් පූජකවරයෙකු අතින් ලියැවුණු කවි පොතකුත් එහි ජාතිවාදය නැගෙන අයුරින් ලියැවී තිබූ කවි කිහිපයකුත් පෙන්වා සිටි ආඥාපතිවරයා මෙම පොත ප‍්‍රදේශයේ පාසැල් වල පුස්තකාල වලට ඇතුළත් කිරීමට උතුරු පළාත් සභාවේ පාලනය හිමි දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් රජයෙන් ඉල්ලා ඇතැයි කීය.
යුධ හමුදාව ප‍්‍රදේශයේ සාමය හා සංහිදියාව පවත්වාගැනීමට මහත් වැඩකොටසක් සිදුකරමින් සිටින බව ඔහු පැවසීය.හමුදාවේ මැදහත්වීමෙන් දැනට ශිෂ්‍යත්ව 2275 ක්ද,විශ්වවිද්‍යාල සදහා ශිෂ්‍යත්ව 47 ක්ද ලබා දී ඇති බව ඔහු සදහන් කළේය.
උතුරේ ස්ථානගත කර ඇති ආරක්ෂක අංශ ඉවත් කළ යුතුයැයි යන දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශයන් ගැනද සදහනක් කළ ආඥාපතිවරයා ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවතුණහොත් ජනතාව හමුදාවට තවදුරටත් ප‍්‍රදේශයේ රැුදී සිටීමට අවසරය ලබා දෙමින් මනාපය පළ කරනු ඇති බවට තමන්ට සහතික යැයි පවසා සිටියේය.

