යාපනය අර්ධද්වීපයේ කුඩා හමුදා මුරපොළ 214ක් ගත වූ සති දෙක ඇතුළත ඉවත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.
ඒවායේ හමුදා භටයන් 742 දෙනකු තෙන්මරච්චි, වඩමාරච්චි සහ වලිකාමම් ප්‍රධාන යුද හමුදා කඳවුරුවලට මාරු කළ බව ද ඔහු පවසයි.
12000ක පමණ යුද හමුදා භට පිරිස් උතුරේ සිටින බව ද ඔහු කියයි.

