උතුරේ පාසල් 13 දා නිවාඩු


උතුරේ පිහිටි සිංහල, දෙමළ හා මුස්ලිම් සියලුම පාසල් වලට සිකුරාදා (13) නිවාඩු දීමටත් ඒ වෙනුවට වෙනත් දිනක පාසල් පැවත්වීමටත් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

ජනවාරි 14 වැනිදා (සෙනසුරාදා) යෙදී ඇති තෛපොංගල් අවුරුද්ද හේතුවෙන් නිවාඩු ලබා දීමට උතුරු පළාත් අධ්‍යාපනික, සංස්කෘතික, ක්‍රීඩා හා යෞවන අමාත්‍ය ටී.කුරුකුලරාජා මහතාගේ උපදෙස් පරිදි උතුරේ පිහිටි සියලුම පාසල් වෙතට මේ බව දැනුම් දී තිබේ.

මේ අනුව 14 වැනි දා නිවාඩු ලබා දීම හේතුවෙන් ජනවාරි 21 වැනි සෙනසුරාදා නිවාඩුවක් නොකොට එදින සුපුරුදු පරිදි උතුරේ සියලුම පාසල් කටයුතු සිදු කළ යුතු බවටද උතුරු  පළාත් අමාත්‍යාංශය පවසයි.