දෙමළ ජාතික සන්ධානය නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අද (12) ප්‍රධාන කරුණු හතරක් ගැන කොළඹදී සාකච්ඡා කළේය.
පක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ඉල්ලා සිටියේ නොබෙදුණු ශ්‍රී ලංකාවක ජනවාර්ගික ප්‍රශ්නය විසදීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙසයි.
දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය, උතුරු නැගෙනහිර යළි පදිංචි කිරීම් ගැනද එහිදී සාකච්ඡා විය. අගමැති රනිල් වික්‍රමසිංහ හා රාජිත සේනාරත්න මහත්වරු ජනපති සමඟ සාකච්ඡාවට එක් වුහ.
පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට ජනපති එකඟ වු බව දෙමළ ජාතික සන්ධාන ආරංචි කියයි.
දෙමළ ජාතික දේශපාලන සිර කරුවන්ට පොදු සමාවක් දෙන්නැයි කළ යෝජනාව සලකා බැලීමට ජනපති එකඟ විය.
යළි පදිංචි කිරීම සම්බන්ධ ගැටළු විසඳන බවට ජනපති හා අගමැති එහිදී පැවසූහ.
උතුරේ ඇතැම් තැන් වල ගොල්ෆ් පිටි පවා ඇතැයි ද එහිදී කියැවිණි.
උතුරු පළාත් සභා ආණ්ඩුකාරවරයා ,ප්‍රධාන ලේකම් හා දිස්ත්‍රික් ලේකම් මාරු කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටියේය.උතුරට අලුතින් ආණ්ඩුකාරවරයකු පත් කරන බව රජය කීවේය.

