මේ දිනවල පවතින දැඩි පෑවිල්ල උතුරට ද බලපා ඇති අතර එම පළාත් හි කුඩා වැව් සියල්ලක්ම සිඳී යමින් පවති. පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා ජලය නොමැති වීමෙන් උතුරේ පවුල් 28,630 කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇති බවට උතුරේ දිස්ත්‍රීක් ලේකම්වරු කියති.
සෑම වසරක ඔක්තෝබර් මාසයේ මුල් කාලය වන විට වර්ෂාව ආරම්භ වී උතුරේ ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු ආරම්භ වුවත් මේ වසරේ මේ වන තුරුත් වර්ෂාව නොමැති විමෙන් ගොවිහු පිඩාවට පත් වී සිටිති.