මන්නාරම එක්සත් ධීවර සංගමයට අයත් ධීවර පිරිසක් මුහුදු යාමෙන් වැළැකී මන්නාරම නගරයට රැස්ව අලුතින් පිහිටුවීමට යන සිංහල ධීවර ගම්මානයකට එරෙහිව විරෝධතාවයක නිරත වූහ.
දකුණේ සිංහල ධීවර පවුල් 180 ක් පමණ මන්නාරමට රැගෙනවිත් ඔවුන්ව මුසලි පළාතේ පදිංචි කොට නව සිංහල ධීවර ගම්මානයක් පිහිටුවීමට කටයුතු යොදා අති අතර එහි ඉඩම් මැනීමේ කටයුතු බදාදා (9) දා සිදු කිරීමට නියමිතව තිබුණු බවත් අතීතයේ කිසිම දිනක මන්නාරමේ සිංහල ධීවර ජනාවාස නොතිබුණු බවත් විරෝධතාකරුවෝ කීහ.
මෙම විරෝධය මත ඉඩම් මැනීමේ කටයුතු තාවකාලිකව නතර කොට දැමීමට බලධාරීන්ට සිදු වූ අතර විරෝධතා අවස්ථාවට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් විරෝධයේ නියුතු පිරිසගේ සන්දේශයක්ද භාර ගනිමින් කියා සිටියේ එම ගැටලුව සම්බන්ධයෙන් ධීවර අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා දෙන බවයි.