උතුරේ දරුවන්ට කොටි පුහුණුව දීලා


කොටි ළමා පුහුණු කඳවුරු උපදේශිකාවක්   උතුරු නැගෙනහිර කොටි සංවිධානයේ ළමා පුහුණු කඳවුරුවලට   දරුවන් තෝරාගත් සහ ළමා සොල්දාදුවන් පුහුණු කළ තිදරු මවක්    ඕස්ටේ‍්‍රලියානු සරණාගත කඳවුරකට අවුත්  දේශපාලන රැකවරණය ඉල්ලා   සිටින්නීය.

තමන් කොටි සංවිධානයේ ළමා පුහුණු කඳවුරුවල සේවය  කළ බවට පාපෝච්චාරණය කරමින්  ඕස්ටේ‍්‍රලියාවේ සරණාගත රැකවරණය   අයඳුම්කළද, එය කිහිප වරක්ම  ඕස්ටේ‍්‍රලියානු බළධරයන් විසින් ප‍්‍රතික්‍ෂ්පකර   ඇති බව වාර්තා වන්නේය.

ඇගේ මෙම ප‍්‍රකාශය අසත්‍යයක් බව කොටි හිතවාදීන් පෙන්වා දීමට උත්සහ කරති.

කොටි සංවිධානයේ හිටපු  දේශපාළන නායක තමිල් සෙල්වම් බටහිර මාධ්‍යයට එකළ පවසා සිටියේ   ළමා පුහුණු කඳවුරු ගැන තමන් නොදන්නා බවත් එය ශ‍්‍රී ලංකා රජයෙන්   එල්ටිටීඊ සංවිධානට එරෙහිව ගෙනෙන අවලාද බවත්ය.

පසුගිය සතියේ සිට   මෙම ළමා සොල්දාදු උපදේශිකාවගේ දරුවන් පාසල වෙත රැගෙනයන දිවා   ආහාර බහාලූම් පවා සරණාගත කඳවුරු  ආරක්‍ෂකයින් විසින් පරික්‍ෂාවට   ලක් කරණ බවද වාර්තාවන්නේය.