ගුවන් ගමන් බලපත් දෙක බැගින් භාවිතා කරමින් ව්‍යාජ ඉතාලි වීසා ස්ටිකර අලවාගෙන මෙරට සිට බහරේන් හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ යාපනයේ පදිංචිකරුවෝ වෙති.
මොවුහු ඊයේ රාත්‍රියේ මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ෙජ් 215 දරණ ගුවන්යානයෙන් බහරේන් හරහා ඉතාලි යාමේ අදහසින් ගුවන්තොටුපළට පැමිණ සිටියදී රාජ්‍ය බුද්ධි සේවා තොරතුරු ඒකකයට ලැබුන තොරතුරක් මත අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී එක් අයෙකු ලග ගුවන් ගමන් බලපත් දෙක බැගින් තිබී සොයා ගෙන තිබේ. ඉන් එකක් ඔවුන්ගේ ගමන් මල්වලූ සගවා තිබු බව පොලීසිය කියයි.
කල් ඉකුත් නොවු නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත් දෙකක් එකම නමින් පාවිච්චි කිරීම පිළිබඳ ඇති වු සැකයක් මත වැඩිදුර විමර්ශනය කිරීමේදී හෙළිවී ඇත්තේ ඔවුන් තම පැරණි ගුවන් ගමන් බලපත්‍ර තිබියදී එය නැතිවී ඇති බව පවසා නැවත අළුතින් ගුවන් ගමන් බලපත්‍ර සාදාගෙන ඇති බවයි.
එමෙන්ම පැරණි ගුවන් ගමන් බලපත්‍රයේ ව්‍යාජ ඉතාලි වීසා ස්ටිකරයක් අලවා ඇති බවත් අළුත් ගුවන් ගමන් බලපතට බහරේන් යාම සඳහා නීත්‍යානුකූල වීසා ලබාගෙන පැමිණ ඇති බවත් අනාවරණය වී ඇත.
ඔවුහු බහරේන් යාම සඳහා අළුත් ගුවන් ගමන් බලපත හා එයට අදාල විසා ගුවන්තොටුපළ ආගමන විගමන අංශයට පෙන්වා බහරේනයට ගොස් එතැන් සිට ව්‍යාජ වීසාව ස්ටිකරය ඇලවු පැරණි ගුවන්ගමන් බලපත පෙන්වා ඉතාලියට යාමේ අදහසින් පැමිණ ඇති බව හෙළි වී තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

