උතුරේ පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ පවත්වන බවත් ඒ සඳහා නැකත් හදා ඇති බවත් මහින්ද රාජපක්ෂ ජනපති වැලිඔය සම්පත් මධ්‍යස්ථානයේ දී අද ප්‍රකාශ කෙළේය.
‘මගේ ජ්‍යොතිශාත්‍රාඥයන් මට හදා දෙන්නේ දිනන වේලාවන් යැයි ද ජනපති කීවේය.
1987 පළාත් සභා පිහිටුවීමෙන් පසු උතුරුට ඡන්දයක් පවත්වන ප්‍රථම අවස්ථාව මේ වසරයි.
පිට රටින් සල්ලි එනතුරු බලා නොසිට මේ රටේ සල්ලිවලින් ජනතාවට වැඩ කරන ලෙස ද ජනපති නිළධරයනට උපදෙස් දුන්නේය.
මහවැලි ඉඩම් ඔප්පු බෙදා දීමේ උත්සවයේ දී ජනපති මේ බව පැවැසුවේය.
විදුලි බිල ගැන සඳහන් කරමින් ජනපති පැවැසුයේ සිගරැට් මිල වැඩිකළ විට කිසිවක් නොකියන අය විදුලි බිල වැඩිවු විට මැසිවිලි නඟන බවයි. සිගරැට් මිල වැඩි කළත් විකිණීමේ අඩුවක් නැතැයි ජනපති සඳහන් කෙළේය.
වී අලෙවි මණ්ඩලය වී මිලට ගැනීම ගැන සඳහන් කරමින් ජනපති කීවේ රජය වී මිලට ගත යුත්තේ ගොවියන්ගෙන් පමණක් බවයි. එහෙත් මුදලාලිලා අඩුවෙන් වී මිලටගෙන ගොඩ ගසාගෙන පසුව ගොවියාට මුවා වී වැඩි මිලට විකුණන බවයි.