උතුරේ ගොවියන් සමග හමුදාව කුඹුරට බහී


මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කිලිනොච්චි ගොවීන්ගේ කුඹුරු හා ඇලවේලි එළිපෙහෙළි කර දීමට කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලහි ආරම්භක පියවරක් ලෙස කිලිනොච්චිය වව්නිකුලම් වැවේ ප්‍රධාන ඇල මාර්ගය එළිපෙහෙළි කිරීම යුද හමුදා සෙබලුන් 1000 කගේ පමණ සහභාගීත්වයෙන් සිදුවිය.

කිලිනොච්චිය ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ  සංකල්පයකට අනුව 65 වැනි සේනාංකාධිපති සරත් වීරවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මක කැරින.

ප්‍රදේශයේ ගොවීහු 500 ක් පමණ ආරක්ෂක අංශ සමග එක්ව සිටිනු දැකගත හැකිවූ අතර වව්නිකුලම් වැවේ ඇල මාර්ග තුනෙන් ප්‍රධානතම ලෙස සැළකෙන කිලෝමීටර 20 ක් දිගැති ඇළ මාර්ගය මෙසේ එළිපෙහෙළි කිරීම සිදුවිය.

තම කටයුතු සඳහා ආරක්ෂක අංශ දායකත්වය ලබාදීම ගොවි සංවිධාන ප්‍රධානීහු මහත් සේ අගය කළහ.

ඇළ මාර්ග එළිපහෙළි කිරීමේ කටයුතු සිදුකළද මහකන්නයේ ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටින වැසි, මේ දක්වාම නොලැබීම හමුවේ ගොවීහු සිටිනුයේ මහත් අසීරුතාවකට පත්වය.

FARARMWRK-1009-01 FARARMWRK-1009-02 FARARMWRK-1009-03 FARARMWRK-1009-04 FARARMWRK-1009-05 FARARMWRK-1009-06 FARARMWRK-1009-07 FARARMWRK-1009-08