උතුරේ ගුරුවරු පිරිසක් සත්‍යග්‍රහයක


උද්ඝෝෂණයක් සංවිධානය කළැයි යාපනයේ ගුරුවරුන් තිදෙනකුගේ වැඩ තහනම් කිරීමට එරෙහිව උතුරු පළාතේ ගුරුවරු පිරිසක් උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ඇරැඹූහ.

උතුරු පළාතේ ගුරුවරුන් මාරු කිරිමේ ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් පසුගියදා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධයක් පැවැත්වූ අතර ඊට සහභාගී වූ බව කියමින් එම ගුරුවරුන් තිදෙනාගේ වැඩ තහනම් කර තිබේ. 

වැඩ තහනමට එරෙහිව අද උදේ ඇරැඹි සත්‍යග්‍රහය එම ගුරුවරුන් තිදෙනා යළි සේවයේ පිහිටුවන තුරු ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි. 

Untitled-1 wsdd