විදේශ ගමන් බලපත් හිමියන්ට දිවයිනේ සමහර ප්‍රදේශයන්හි සංචාරය කිරීම සඳහා මෙතෙක් පනවා තිබු සීමා ඉවත් කිරීමට රජය තීරණය කළ බව ආරක්ෂක අමාත්‍යංශය කියයි.
නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (16) පැවැති ප්‍රථම ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
යුදමය තත්ත්වය පහව ගොස් ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇති ඇති බැවින් රජය මෙම තීරණය ගත් බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටි.
එසේම උතුරු පළාතට යුද ආයුධ, පුපුරණ ද්‍රව්‍ය ,ආරක්ෂක හමුදා භාවිත කරන රෙදිපිළිවලට සමාන රෙදි වර්ග,දුර දක්න යන භාණ්ඩද නැගෙනහිර පළාතට යුද ආයුධ,පුපුරණ ද්‍රව්‍ය කව දුරටත් තහනම් කැර ඇති බවද හෙතෙම කියා සිටි.

