උතුරේ උසම මිනිසාට ප්‍රශ්න පිට ප්‍රශ්න


යාපනයේ ගුණසිංහම් කෙසේන්ද්‍රම්ගේ (34) උස අඩි හතයි අඟල් දෙකකි.

බිරියගේ උස අඩි පහයි අඟල් හයකි.

මේ දෙදෙනාම කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෝය.

වයස අවුරුදු13 දී කොටි සංවිධානයට බැඳුණු ඔහු 2009 යේ දී හමුදාවට බාර විය.

පුනරුත්ථාපනයේදී වඩු කර්මාන්තය ඉගෙන ගත්තේය. ඔහු එක්දරු පියෙකි. ජීවත් වීම සඳහා කඩයක් කිරීම ඔහුගේ අදහසයි.

බේස්බෝල් ක්‍රීඩකයකු වන ලෙස ඔහුට ආරාධනා ලැබුණත් කොන්දේ අසනීපයක් නිසා එය ප්‍රතික්ෂේප කළ බව කියයි.

කොටි සංවිධානයේ ගරිල්ලකු ලෙස ඔහු සටන් බිමට නොයැවූයේ ලෙසහෙසියෙන් සතුරු ඉලක්කයට අසුවන නිසා බව කියයි.

දැන් ඔහු මුහුණපාන ප්‍රශ්න අතර අඩි හයේ උළුවහු , නිදා ගැනීමට ඇඳක් සොයා ගැනීම ආදිය මුල් තැනක් ගනී.

කොටි සංවිධානයේ සිටි උසම මිනිසා ඔහුය. ප්‍රභාකරන් ඔහු පෞද්ගලිකවම දැන සිටියේ උස නිසාය.

දැන් පදිංචිය පුදුකුඩුඉරිප්පුවේ ය.