උතුරේ ද දකුණේ ද නියං සමයේ හටගන්නා ඉඳි කෑමට වලසුන් ඇතුළු සතුන් මෙන්ම මිනිස්සු ද කැලෑවලට යති.
ඉඳිකටු වැනි කටු ඇති ඉඳි ගස්වලින් ඉඳ කපා ගැනීම අමාරු කාර්යයකි.
ඉඳිගෙඩිය කොළ පැහැ වෙන විට වන්නි ජනතාව එය බත් ඉඳි ලෙස හඳුන්වා ආහාරයට ගනී.
ඉන් පසු රතු පැහැයට ද, ඉදුණු පසු කළු පැහැයද ගන්නා ඉඳි ගෙඩිය පළතුරක් සේ කෑමට ගනියි.
ඉඳි ගසේ කටු ඇති නිසා වළසුන් ඉඳිවලින් බඩ පුරවා අවසන් වනතුරුම ඇස් වසාගෙන සිටිතියි ගැමියෝ කියති. ඉඳි කොළය ද අත්කම් සඳහා යොදා ගැනේ.

