උතුරේ ඉඩම් අක්කර 700ක නැවත පදිංචි කිරීම් 15 වැනිදා ඇරඹේ


යාපනය පලාලි අධි ආරක්ෂිත කලාපයේ නිදහස් කැරුණු ඉඩම් අක්කර 701ක නැවත පදිංචි කිරිමේ කටයුතු තෛපොංගල් දිනයේදී සිදු කිරීමට නියමිත බව උතුරේ දේශපාල ආරංචි කියයි.

මෙම ඉඩම් වල පදිංචි කරුවෝ යුද සමයේ ආරක්ෂිත ස්ථාන කරා ගියහ.

ඉන්පසු ඉඩම් යුද හමුදාව යටතේ තිබුණි.

පලාලි අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් අක්කර 1734ක් අදියර දෙකක් යටතේ නිදහස් කැරුණු අතර එම ආරක්ෂිත කලාපයේ ඉතිරිව ඇති ඉඩම් අක්කර 5066 අදියරෙන් අදියර ඉදිරියේදී නිදහස් කිරීමට සැලසුම් කර ඇතැයිද සදහන් වේ.