(රොමේෂ් මධුෂංඛ)
අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා අද (28) වන විට පවුල් 38,209 කට අයත් පුද්ගලයින් 118,538 දෙනෙකු විපතට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි.
පූර්ණ නිවාස 170 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 3506කට හානි වී තිබේ.
මේ අනුව විපතට පත් වැසියන්ගෙන් පවුල් 2827 කට අයත් පුද්ගලයින් 8983 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 27 ක රඳවා සිටින බව ද යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සහ කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි මරණ දෙකක් වාර්තා වී ඇති බව ද ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ අනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇති කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කරච්චි, කණ්ඩාවලෙයි සහ පච්චිලෙයිපල්ලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 24,184 කට අයත් පුද්ගලයින් 74,730 දෙනෙකු විපතට පත්ව ඇති අතර එහිදී නිවාස පූර්ණ 84ක් සහ අර්ධ නිවාස 1207 කට හානි සිදුව ඇත.
උතුරු පළාතෙන් දෙවනුවට වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ ය. එහි ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර හා වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 9574 කට අයත් පුද්ගලයින් 30,499 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූර්ණ නිවාස හානි 86ක් හා අර්ධ නිවාස හානි 2297 ක් වාර්තා වී ඇත.
මන්නාරම සහ නානාට්ටාන් ප්‍රදේශයන්හි පවුල් 39 කට අයත් පුද්ගලයින් 141 දෙනෙකු ද වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 155 කට අයත් පුද්ගලයින් 521 දෙනෙකු ද යාපනය දිස්ත්‍රික්කයේ මරදන්කේනි ප්‍රදේශයේ 4257 කට අයත් පුද්ගලයින් 12,642 දෙනෙකු ද විපතට පත්ව ඇත.
උතුරේ විපතට පත් ජනතාව වෙනුවෙන් ආරක්ෂක අංශ හා රාජ්‍ය අංශ එක්ව වියළි ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇත.

