(නිමල කොඩිතුවක්කු)
උතුරු පළාතේ ඇතිවී තිබෙන ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි රථ 15ක් සතොස ආයතනය මගින් පිටත් කර යවා තිබේ.
ටින්මාලූ, පරිප්පු, සහල්, කරවල ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය ටොන් 200ක ප‍්‍රමාණයක් ඒ අතර වේ.
ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනමින් ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මෙම ආහාර ද්‍රව්‍ය එම පළාතට යොමු කිරීමට රජය පියවර ගෙන තිබේ.
කර්මාන්ත හා වානිජ කටයුතු සමූපකාර සංවර්ධන සහ දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීමේ අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් උපදෙස් මත ආපදාවට ලක්වුවන්ට සහන සැළසීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පත්කර ඇති කමිටුව මගින් මෙම පියවර ගෙන ඇත.