දකුණු ඉන්දීය සිනමා ආභාෂයෙන් කඩු කිනිසි වලින් කපා කොටා දමන සම්ප්‍රදායක් යාපනයේ පවතින බවත් මෙම සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පිරිස් හට අධිකරණ විසින් දැඩි දඩුවම් පැනවීමෙන් මෙම ක්‍රියාවන් මුළුමනින්ම මර්දනය කරගත හැකි බවත් යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා අවධාරනය කළේය.
එමෙන්ම මෙම සමාජ විරෝධී ක්‍රියාවන් අධිකරණ දඩුවම් අභියෝගයට ලක්වන ආකාරයෙන් සිදුවන බවද විනිසුරුවරයා සදහන් කළේය.
මාස නවයකට පෙරාතුව යාපනය මහනගර සභා සීමාවේදී අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවෙකු විසින් ඇප අයෙදුම් කරමින් මහාධිකරණය වෙත යොමුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී විනිසුරුවරයා මේ බව සදහන් කළ අතර එම සැකකරුට ඇප ලබා දීමද අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඇප අයදුම් කිරීම විත්තියේ අයිතියක් වුවත් සමාජයේ සුරක්ෂාව පිළිබද සැලකිල්ලක් දක්වමින් මෙතෙක් කාලයක් යාපනය මහාධිකරණය කටයුතු කළ බවත් උතුරේ වැඩි වෙමින් පවතින සමාජ විරෝධී ක්‍රියාකාරකම් මර්දනය කිරීමට නම් එම ක්‍රියාවන්හි නිරත වන්නන් හට අධිකරණය හරහා දැඩි දඬුවම් පැනවිය යුතු බවත් විනිසුරුවරයා සදහන් කළේය.

