(රොමේෂ් මධුෂංඛ)
කැනඩාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සමග විශේෂ සාකච්ඡාවකට එක් වූහ.
යුද්ධයෙන් අතුරුදහන් වූවන් සොයාදෙන්නැයි කියමින් කෙරෙන විරෝධතා සහ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් එම දූත පිරිස විමසා සිටි බව සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් උතුරු ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
රජය මේ සියලු දේට පියවරෙන් පියවර විසඳුම් ලබා දෙන බවත් මේ වන විටත් ඉඩම් නිදහස් කොට අදාළ මුල් ඉඩම් අයිතිකරුවන්ට ලබාදීමට කටයුතු කර ඇති බවත් තමා ඔවුනට දැනුම් දුන් බව ආණ්ඩුකාරවරයා පැවසීය.



