යුද සමයේ සිදුවූ අතුරුදන්වීම් වලට කොටි සංවිධානය වගකිව යුතු බවට ගැටුම්වලට මැදිවූවන්ගෙන් වැඩි දෙනකු ප්‍රකාශ කර ඇති බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා සභාපති මැක්ස්වෙල් පරණගම මහතා පවසයි.
ඔහු ඉන්දීය පුවත්පතක් සමග කියා ඇත්තේ කොටි සංවිධානය ඊට වග කිව යුතු බව 60% ක් දෙනා සාක්කි දුන් බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් වග කිව යුතු බව 10% ක් දෙනාද පැවසූ බවයි.
එසේම දැනට සාක්කි දුන් පුද්ගලයින්ගෙන් තවත් 10% ක් කොටි නොවන සටන්කාමී සංවිධාන වෙත ද, තවත් 5% ක පිරිසක් එම අතුරුදන්වීම් නාඳුනන කණ්ඩායම් විසින් සිදුකරන්නට ඇති බව විශ්වාස කරන බවය.
උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව අතුරුදන්වීම් පිළිබඳ ජනාධිපති කොමිසම සිදුකළ විමර්ශනවලදී සිවිල් පුද්ගලයින්ගේ පැමිණිලි 16,000 ක්ද ආරක්ෂක අංශවලින් පැමිණිලි 5600 ක්ද අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ලැබී ඇත.

