ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලිය හරහා ප්‍රංශයට යාමට උත්සහ කළ උතුරේ තරුණයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අලුයම අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ මුලතිව් හා කිලිනොච්චියේ පදිංචි වයස අවුරුදු 31 හා 28 වියැති පුද්ගලයෝ වෙති.
ඔවුහු ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.වයි 372 දරණ ගුවන්යානයෙන් ඉතාලිය හරහා ප්‍රංශයට යාමේ අදහසින් කටුනායකට පැමිණ තිබේ. එම අවස්ථාවේ ජර්මන් තානාපති කාර්යාල නිලධාරියෙකුගේ පරීක්ෂාවට මොවුහු ලක්ව ඇති අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ බව දැන්වීමෙන් අනතුරුව මොවුන් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෝ මෙම ගමන සඳහා තම සැබෑ ගුවන්ගමන් බලපත භාවිතා කර ඇති නමුත් ඔවුන් ප්‍රංශයට යාමට ලබාගෙන ඇති වීසා ව්‍යාජ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අනාවරණය ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් තරුණයන් දෙදෙනාගේ ප්‍රංශයේ වෙසෙන ඥාතීන් විසින් යාපනයේ පදිංචි රැකියා ඒජන්තවරයෙකුට මුදල් ලබා දීමේ කොන්ත්‍රාත්තුවත් මත මෙම තරුණයෝ මෙලෙස ප්‍රංශයට යාමට උත්සහ කර ඇති බව විමර්ශණ වලදී හෙළිවී ඇත.
මේ පිළිබද වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමෙන් අනතුරුව සැකකුරුවෝ මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

