උතුරෙන් දකුණට නෑ ගමන්


කොටි සංවිධානය අතහැර පුනරුත්ථාපන අමාත්‍යාංශය යටතේ පුහුණුව ලැබූ උතුරේ 375 දෙනෙක් දකුණේ සංචාරයට ආහ. පුනරුත්ථාපන කටයුතු අමාත්‍ය චන්ද්‍රසේන ගජධීර, පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු මැති ඇමතිවරු විසින් ඔවුහු මහත් හරසරින් පිළිගත්හ. කළුවැල්ල හින්දු කොවිලේදි උදෑසන පූජාවට සහභාගීවීමෙන් අනතුරුව ගාල්ල බන්ධනාගාරය විසින් පිළියෙල කළ ආහාර ගත් පිරිස ලෝක උරුම ගාලු කොටුව නැරඹීමට ගියහ. තමන් දකුණ දුටු මුල් වතාව බව එම තරුණ තරුණියෝ කියති. අතීත වැරදි වලින් පාඩම් ඉගෙන ගත් බවත් සිංහල දෙමළ සමගිය වර්ධනය කරගෙන ජීවත්වන බව සියළු දෙනාගේ අදහස වි තිබේ. පුනරුත්ථාපනය වන කාලයේ දී බොහෝ දේ ඉගෙන ගත් බවත් හමුදාව සහ රජය තමන්ට හොඳින් සැලකූ බවත් ඔවුහු කියති. තම ජීවිතයේ සුන්දරතම කාලය පුනරුත්ථාපන කඳවුරේ ගත කළ කාලය බව ද පවසන ඔවුහු රටට වැඩදායී රැකියාවක නිරතවීමේ අපේක්ෂාවෙන් පසුවෙති.