උතුරෙන් ඉතාලි යන තව හොර පාරක් අහුවේ


ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සහ වීසා භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ සිට තුර්කියේ ස්තාන්බුල් නුවරට ගොස් කටාර් හරහා ඉතාලි යාමට උත්සහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් කටාර් ගුවන්තොටුපොළ බලධාරීන් විසින් පිටුවහල් කර ආපසු මෙරටට එවනු ලැබ සිටියදී කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර  ගුවන්තොටුප‍ළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ යාපනයේ උඩුම්බුරායි හි පදිංචි 22 සහ 28 වියැති තරුණයෝ වෙති.

ඔවුහු පසුගිය 12 වෙනිදා මෙරටින් තුර්කියේ ස්ථාන්බුල් නුවරට පිටත්ව ගොස් ඇත්තේ තම සැබෑ ගුවන් ගමන් බලපත් සහ නීත්‍යානුකූල වීසා භාවිතා කරමිණි.

පසුව  එහිදී    ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රයක් සහ වීසා භාවිතා කරමින් කටාර් හරහා ඉතාලියට යාමට පිටත්ව ගොස් ඇතත් කටාර් ගුවන්තොටු‍පළ බලධාරීන්  විසින් මොවුන්ගේ ලියකියවිලි ව්‍යජ බව දැන ආපසු මෙරටට පිටුවහල් කර එවා ඇත.

කටාර් ගුවන්සේවයට අයත් කිව්.ආර් 662 දරණ ගුවන් යානයෙන් මොවුන් ආපසු මෙරටට එවා තිබුණි.