උතුරෙත් මල් කැකුළු තළයි


යුද්ධය අවසන් වීමෙන් පසුව උතුරේ  බාල වයස්කාර දැරියන් අතවරයන්ට ලක් වීම වේගයෙන් වැඩි වී ඇති බවට උතුරේ කාන්තා සංවිධාන කියයි.

2012 වසරේ පමණක් වයස අවුරුදු 15ට අඩු දැරියෝ 256  දෙනෙක්  අතවරයන්ට ගොදුරු වුහ .මේ  වසරේ මාස හතරකදී දැරියෝ 68 දෙනෙක්  ලිංගික අතවරයන්ට ලක් වුහ.            

ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය ඇතුලු එහි නිලධරයෝ උතුරු ප‍්‍රදේශයේ සංචාරය කරමින් උතුරේ වැසියන් දැනුවත් කිරීම සඳහා ළමා අපයෝජන වැලක්වීම පිළිබඳව සඳහන් ස්ටීකර් ත්‍රිරෝද රථ  ඇතුළු වාහන වල ප්‍රදර්ශනය කිරිමට පියවර ගැනිණි.