උතුරුමැද වෛද්‍ය වර්ජනය දැඩි කරන්න යයි


(රංජන් කස්තුරි)

උතුරු මැද පළාත් රෝහල්වල වෛද්‍යවරුන් අද(28) ආරම්භ කළ වැඩවර්ජනය ලබන බදාදා(30) සිට දැඩි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

ඒ අනුව බදාදා සිට මධ්‍යම රජයට අයත් අනුරාධපුරය හා පොළොන්නරුව රෝහල්වල වර්ජනය ආරම්භ කරන අතර ක්‍රමයෙන් දිවයින් පුරා ව්‍යාප්ත කරන බවද අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍යවරුන්ගේ සන්නිවේදන දීමනාව හා පුහුණු කාලයේ දී ගෙවිය යුතු රාජකාරී දීමනාව නොගෙවීම හා ස්ථාන මාරුවලදී අක්‍රමිකතා සිදුවීම යන කරුණු මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත.