උතුරුමැද මහ ඇමති උසාවියේ


2010 මහ මැතිවරණය සමයේ කැකිරාව ගල්කිරියාගම පොතානේදී අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ඇතුළු තිදෙනකුට ගිනි අවිවලින් හා පොලුවලින් පහර දුන්නැයි කියන උතුරුමැද මහ ඇමති එස් එම් රංජිත් සමරකෝන් ඇතුළු පස් දෙනෙක් කැකිරාව මහේස්ත්‍රාත් ලද්දු දර්ශන ද සිල්වා මහතා ඉදිරියේ අද පෙනී සිටියේය.

සන්ධානයේ ආධාරකරුවන් වූ මේ දෙපාර්ශ්වය අතර මේ ගැටුම සිදුවී ඇත.

නඩුව අගෝස්තු 23 වැනි දිනට කල් තැබූ මහේස්ත්‍රාත් අධිකරණයට නොපැමිණි අජන්ත වාසල අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කැරිණි.

ඔහු අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායකගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.