උතුරුමැද අද විභාගෙත් අවුල්


උතුරුමැද පළාතේ අද පැවැත්වෙන හත සහ 10 ශ්‍රේණිවල විද්‍යාව ප්‍රශ්න පත්‍රවලද ගැටළු ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.

හත ශ්‍රේණිය විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තුන් වැනි ප්‍රශ්නයේ වැරදි රූප සටහනක් ලබා දී ඇති බවත් 10 ශ්‍රේණිය විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ තුන්වැනි ප්‍රශ්නයේ ලබා දී ඇති වගුව අනුව ඊට අදාළ ගැටළුවලට පිළිතුරු ලිවිය නොහැකි බවත් ප්‍රනාන්දු මහතා පවසයි.