උතුරු හමුදාව වඩුවාගේ අත බේරයි


කිලිනොච්චිය උර්තිපුරම් හි  වඩු කාර්මිකයකු වන රාසයියා රංජිත්  (20) ගේ අතක් වඩු යන්ත්‍රයකට හසු වී  කැපී ගොස්  තිබියදී  කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේර්ජ ජනරාල්  උදය පෙරේරාගේ මැදිහත්වී  වහා ගුවන් මගින් කොළඹට ගෙන ඒමට  උදව් විය.

කිලිනොච්චි රෝහලේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම අනුව තුවාලකරු පැය හතරකින් කොළඹට යැවීමට නොහැකි වුවහොත්   අත ඉවත් කිරිමට සිදුවන්නට ඉඩ තිබිණැයි වෛද්‍ය සදාසේකර්  තිවකර් මහතා කියයි.