රුපියල් කෝටි 6750ක වියදමින් ඉදි කැරෙන උතුරු අධිවේගී මාර්ගයේ සෙංකඩගල පිවිසුමට මහින්ද රාජපක්ෂ ජනපති අද මුල්ගල් තැබීය.
කිලෝමීටර් 300ක් දිග මෙම මාර්ගය අදියර හතරකින් ඉදි කැරේ.මුල් අදියර එඩේරමුල්ලේ සිට අඹේ පුස්ස දක්වාද,දෙවැනි අදියර කුරුණෑගල පැලන්දෙණිය දක්වාද ,තෙවැනි අදියර දඹුල්ල දක්වාද,සිව් වැනි අදියර දඹුල්ලේ සිට යාපනය දක්වාද මංතීරු හතරකින් ඉදිකැරේ.



