කොටි සංවිධානය ගිය වසරේ නොවැම්බර් 27 වැනිදා මහ විරු දිනය යාපන සරසවි නේවාසිකාගාරයේ සමරමින් සිටියදී අත්අඩංගුවට ගත් සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු වැලිකන්ද හමුදා පුනරුත්තාපන කඳවුරේ පුනරුත්තාපනයෙන් පසුව සරසවි බලධරයන් ඉදිරියේ මවුපියනට බාර දුන් බව හමුදාව කියයි.
තවත් සිසුහු දෙදෙනෙකු පුනුරුත්තාපනය ලබන බවත්, ඔවුන් ද ඉක්මණින් නිදහස් කරන බවත් හමුදාව කියයි.

