උතුරු සභාව සිකුරාදා


වසර 25කට පසුව උතුරු පළාත් සභාවේ මංගල සැසි වාරය සඳහා සියල්ල සූදානම්ව ඇති අතර ඊට පෙරහුරුවක් වශයෙන්  උතුරු පළාත් සභාවට තේරි පත් වු සියලූම මන්ත්‍රීන්ට පළාත් සභා ක්‍රමය සමිබන්ධයෙන්  වැඩසටහනක් අද (24) යාපනය ටිල්කෝ හෝටලයේදි පැවැත්විණ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, උතුරු පළාත් සභාව ඒකාබද්ධව පළාත් මන්ත්‍රීන් 38 දෙනා වෙනුවෙන් පළාත් සභා ක්‍රියාවලිය සමිබන්ධයෙන් වු නීති රීති,පළාත් සභාව තුළ වු ප්‍රතිපත්ති හා පළාත් සභා මුදල් කළමණාකරණය සමිබන්ධයෙන් දේශනා පැවැත්වීම එහිදි සිදු කළ බැවි එක්සත් ජනතා නිදහස් සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී වි.ජයතිලක මහතා කියයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු සී වී විග්නේෂ්වරන් මහ ඇමැතිය. ඔහු භාෂා තුනෙන්ම වැඩ කළ හැකි විද්වතෙකි. දෙමළ ජාතික සන්ධානය එහි පාලක පක්ෂයයි. එහි මන්ත්‍රීන් තිස් දෙනා අතර වෛද්‍යවරු, වෘත්තිකයෝ ද වැඩි පිරිසක් වෙති.