උතුරු සභාපති යතුරු පැදියෙන් අවසන් ගමන් යයි


උතුරු පළාත් සභා නියෝජ්‍ය සභාපති  ඇන්ටනි ජෙගනාදන් මහතා අද (01) උදෑසන මුලතිව්හි යතුරු පැදියකින් ගමන්කරමින් සිටියදී ඇති වූ හෘදයාබාධයකින් මියගිය බව මුලතිව් පොලීසිය කියයි.ඔහු යතුරු පැදියෙන් ඇද වැටුණු බවද සිද්ධිය ඇසින් දුටුවෝ පැවසුහ.

  2013 පලාත් සභා මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානයෙන් මනාප 9,309 ක් ලබාගනිමින් ඔහු පළාත් සභාවට පත් විය.