උතුරු පළාත් සභා මන්තී‍්‍ර ඇන්ටනි ජෙගනාදන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පළාත් සභාවේ උප සභාපති ධූරය සඳහා දෙමළ සන්ධානයේ ප‍්‍රධාන පක්ෂ හතර අතර සිව්කොන් සටනක් හටගෙන ඇතැයි දේශපාලන ආරංචි කියයි.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් හා ටෙලෝ යන පක්‍ෂ මීළඟ උප සභාපති ධූරය සඳහා තම පක්‍ෂයේම නියෝජිතයකු පත්කිරීමට බලකර සිටීමත් මෙම ධූරය සඳහා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂයේ නියෝජිතයකු පත් නොකරන ලෙසටත් බලකර සිටීමත් මත මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන ඇත.
උප සභාපතිවරයා ද තම පක්‍ෂයේම අයකු විය යුතු බවට තමිල් අරසු කච්චි පක්‍ෂයේ මන්තී‍්‍රහු අවධාරණය කරති.