උතුරු පළාත්සභා මන්ත්‍රීවරුන් පිරිසකගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇතැයි වාර්තා වේ.
උතුරු පළාත් සභා විපක්ෂ නායක සින්නදුරෙයි තවරාජා මහතා පවසන්නේ තමන් ඇතුළුව ආනන්දි ශෂීදරන් මන්ත්‍රීවරියගේ සහ කනගරත්නම් වින්දන් මන්ත්‍රීවරයාගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පළාත් සභා සභාපතිවරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා දැනුම්වත් කිරීමට කටයුතු කළ බවද හෙතෙම කීය.

