උතුරු වැසියාට උතුර දකුණ මාරු වෙයි


ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින්  උගන්ඩාව බලා ගිය ශ්‍රී ලාංකිකයෙක් යළි මෙරටට පැමිනෙද්දී  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අද උදෑසන  අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබුවාය.

සැකකරු වැල්වැටිතුරේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පසුගිය ඔක්තෝම්බර් 8 වෙනිදා මෙරට ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කර ඩුබායි බලා ගොස් ඇත. පසුව  එතැන් සිට ව්‍යාජ ඉන්දියානු  ගුවන්බල පත්‍රයකින් උගණ්ඩාව බලා ගොස් ඇති අතර එරට බළධාරීහු ඔහුට රටට ඇතුළු වීමට ඉඩ නොදී ආපසු  ඩුබායි වෙත හරවා යවා ඇති බව අනාවරණය වී ඇත.

සැකකරු එලෙස ඊයේ යළි දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහුගේ අත ඇති ලියකියවිලි පරික්ෂා කළ ආගමන විගමන නිලධාරීහු වැඩි දුර විමර්ශනය කිරීම සඳහා ඔහු  ප්‍රධාන ආගමන විගමන නිලධාරීන්ට බාර දී ඇත.

කෙසේ වෙතත් සැකකරු පවසා ඇත්තේ තමන් රැකියාවක් සඳහා ඩුබායි වෙත ගිය බවත් එහිදී තම ගුවන් ගමන් බලපත්‍රය නැති වු බවයි. පසුව එහිදී හිතවත් වු පුද්ගලයෙකු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ගුවන් ටිකට් පතක් ලබා දුන් බවත් ඔහු ලබා දුන් උපදෙස් අනුව  තමන් ක්‍රියා කළ බවයි. තමා   උගන්ඩාව බව නොදැන එහි ගිය බවත් ඔහු පවසා ඇත.

සැකකරුගේ ප්‍රකාශ සැක සහිත බැවින් ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.