උතුරු යෝජනාව කපන්න දකුණෙනුත් යෝජනාවක්


ජාත්‍යන්තර මානව හිමිකම්  කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා  උතුරු  පළාත් සභාව විසින් සම්මත කැර ගත්  යෝජනාවට විරෝධය පළ කිරීමේ යෝජනාවක් බස්නාහිර පළාත් සභාවේදී අද (18) ඒකමතිකව සම්මත විය.

උතුරු,නැගෙනහිර දෙමළ ජාතිකයින් සමුල ඝාතනය වු බවටත් උතුරට වෙනම  ස්වයං පාලනයක්  අවශ්‍ය බවටත් සඳහන් කරමින්  උතුරු පළාත් සභාව පසුගියදා සම්මත කරගත් යෝජනාවට විරෝධය පළ කිරීමේ යෝජනාව බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ  ප්‍රධාන සංවිධායක සිසිර ජයකොඩි මහතා විසින් ඉදිරිපත් කළ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතා එය ස්ථිර කළේය.

පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ඇතිව මෙම යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.