උතුරු මුහුදේදී ඇල්ලු ඉන්දීය ධීවරයෝ 53 ක් නිදහස්


(රොමේෂ් මධුෂංක)

උතුරු මුහුදට  අනවසරයෙන්  ඇතුළු වු ඉන්දීය ධීවරයන්  53 දෙනෙකු  නිදහස්  කිරිමට  යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන මහතා  පසුගිය 10 වැනි දා නියෝග කළේය.

මේ පිරිස නාවික හමුදාව විසින් උතුරු මුහුදේ දී  වරින් වර  අත්අඩංගුවට  ගෙන අධිකරණ නියෝග මත බන්ධනාගාර  ගත කර  සිටි ඉන්දීය ධීවරයන්  පිරිසක් වෙති.

අනවසරයෙන්  උතුරු මුහුදු සීමාවට  පැමිණ මසුන් මැරීමේ චෝදනාව යටතේ මෙම ඉන්දීය ධීවරයන්  අත්අඩංගුවට  ගෙන තිබු අතර  අධිකරණ නියෝග මත ඔවුන් රඳවා  සිටියේ යාපනය,මන්නාරම හා අනුරාධපුර යන බන්ධනාගාරවලයි.

කෙසේ වෙතත්  මෙසේ අත්අඩංගුවට  ගත්  ඉන්දීය ධීවරයන්  නිදහස්  කෙරුණ ද ඔවුන්  සමඟ අත්අඩංගුවට  ගත් ඉන්දීය ධීවර  යාත්‍රා නිදහස් කිරිමට පියවර  ගෙන නොමැති අතර නිදහස් කෙරෙනු  ඉන්දීය ධීවරයන්  යාපනයේ  පිහිටි ඉන්දීය උප කොමසාරිස්  කාර්යාලය හරහා  ඉන්දීය රජයට  භාර දීමට  පියවර  ගෙන ඇත.