උතුරු මුහුදෙ මසුන් මරන්න දින 80ක් ඉල්ලයි


මෙරට මුහුදු සීමාවේ දින 80ක කාලයක් පමණක් මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩ්වේ රාමේෂ්වරම් ධීවර සංගමය ඉල්ලයි.

 එසේ එම ඉල්ලීම ඉටු කර දෙන්නේ නම් කිසිදු ඉන්දීය ධීවරයෙකු මෙරට මුහුදු සීමාවට ඇතුලු නොවන බවද එම සංගමය සදහන් කරයි.

 කච්චතීව් අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික උත්සවය සදහා පැමිණ සිටි රාමේෂ්වරම් ධීවර සංගමයේ නායක එමරිඩ් උතුරේ මාධ්‍යට මේ බව සදහන් කර ඇත.

ඉන්දු ලංකා ධීවර ගැටළුවට ස්ථීරවිසදුම් ගෙන ඒමට මේ දක්වා දෙරටේම රජයන් හට නොහැකි වී ඇති බවත් එමරිඩ් සදහන් කළේය.