උතුරුමැද විදුලිය නැති පවුල් වෙත බෙදා දීම සදහා සුර්ය ලන්තෑරුම් විසි දෙදහස් අටසියයක් මිලට ගැනීම නිසා රුපියල් දේකෝටී අසු අට ලක්ෂ හැට අටදහසක පාඩුවක් සිදු වී ඇති බව රජයේ විගණකාධිපති කියයි.
2008 සිට 2011 දක්වා වු කාල පරිච්ජේදයේ දී සුර්ය ලන්තෑරුම් විසි දහසක් ද 2002 දී ලන්තෑරුම් දෙදහස් අටසියයක් ද මිලදී ගැනීමට රුපියල් තිස්තුන් කෝටි හැත්තෑලක්ෂ එකොලොස්දහස් අටසිය අසුවක් වැය කැර තිබිණි.
2012 වර්ෂයට පෙර වසරවලදී මිලදී ගෙන බෙදා හැරුණු ලන්තෑරුම් වලින් සියයට අනුවකට වැඩි ප්‍රමාණයක් ද සියයට පනහක ප්‍රමාණයක් ද සැපයුම්කරු එකඟ වු සේවා ප්‍රතිලාභින් වෙත ලබා නොදීම සහ අමාත්‍යංශ අධික්ෂණයක් නොවීම හේතුවෙන් ප්‍රතිලාභින් විසින් භාවිතයෙන් ඉවත් කැර තිබු බවත් විගණකාධිපති අවසන් වාර්තාවේ දැක්වේ.
ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ සහයෙන් සාධාරණ මිලට කට හෝ වඩාත් කාර්යක්ෂක එල්ඊඩ් බල්බ් යෙදු ලන්තෑරුම් මිලදී ගැනීමට හැකියාව තිබුණත් එය සිදු වී නැතැයි ද විගණකාධිපති පවසයි.

