(මනෝප්‍රිය ගුණසේකර)
සිය වැටුපට ඉන්ධන දීමනාව එක්කර තිබියදී උතුරු මැද පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ 53 කට අධික ඉන්ධන ලබාගත් බවට චෝදනා ලැබු උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතාට අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඔ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට ඊයේ (03) නියම කළේය.
අධිකරණයෙන් නිකුත් කළ සිතාසි වලට අනුව අධිකරණයේ පෙනී සිටි තම සේවාදායකයා්ට ඇප නියම කරන්නැයි නීතීඥ දර්ශන කරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වනතුරු අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගමන් තහනම් කළේය.
මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් සමරකෝන් මහතාය.
2012 සැප්තැම්බර් මස 27 වැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ අනුරාධපුරයේදී උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අල්ලස් පනත යටතේ විග්‍රහ කෙරෙන දුණෂය නමැති වරද කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පවරා ඇත.
රජයේ චක්‍රලේඛණය අනුව උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා වශයෙන් තමාට හිමිව තිබු මෝටර් රථ වලට අමතරව තවත් වාහන වලට රුපියල් 53 79 623/-ක ඉන්ධන මුදාහැරීමට පළාත් සභා නිලධාරීන් පොළඔවන ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

